රොහින්ග්‍යා අනාථ ජනතාව ශ්‍රී ලංකාවට භාර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ කැබිනට් මණ්ඩලය තීරණය කර නොමැති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
සිය ෆේස්බුක් පිටුවට විශේෂ ප්‍රකාශයක් කරමින් අද (17දා) අමාත්‍යවරයා මේ බව පැවැසීය.
මියන්මාරයේ පවතින අන්තවාදී ගැටුම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින රෙහින්ග්‍යා මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකාවට පැමිණෙන බවට මතයක් ප්‍රකාශ වෙයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා ඉහත අදහස් පැවැසීය. “ මේ නිසා රට තුළ ආතතියක් ඇතිව තිබෙනවා. ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ රොහින්ග්‍යා අනාථයින් ශ්‍රී ලංකාවට භාර ගැනීම සඳහා කිසිඳු ආකාරයක පොරොන්දුවක් හෝ කිසිඳු උත්සායහක් දරා නොමැති බවයි. ඒ වගේම පසුගිය කාලය තුළ කිසිඳු රොහින්ග්‍යා අනාථයෙක් ලංකාවට පැමිණ නෑ. ” යැයි අමාත්‍යවරයා සඳහන් කරයි.