උතුරු පළාත් සභාවේ බහුතර මන්ත්‍රි පිරිසක් තමන් සමග සිටින බව ලිඛිතව පෙන්වන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව එහි මන්ත්‍රීවරු 21ක් විශ්වාසභංග යෝජනායක් ඊයේ (14දා) පළාත් ආණ්ඩුකාරවරයා භාරදුන්නේය.
ඒ අනුව ප්‍රධාන අමාත්‍යවරයාගෙන් මෙසේ බහුතරය පෙන්වන ලෙසට ඉල්ලා තිබේ. උතුරු පළාත් සභාවේ මන්ත්‍රි ආසන සංඛ්‍යාව 38කි. එයින් මන්ත්‍රීවරු 21 දෙනෙකු ඊයේ ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබුණි.