නව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අද (19දා) පෙරවරුවේ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයයේ දී වැඩ බාර ගත්තේය.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් උතුරේ නව ආණ්ඩුකාරවරයා පිළිගත් අතර, එම අවස්ථාවට සියලු ආගමික නායකයෝද, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා මහත්වරු ඇතුළු පළාත් සභා මැති ඇමති වරුන් පිරිසක්ද, රාජ්‍ය නිලධාරීහුද එක්වූහ.
උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර චන්ද්‍රසිරි පලිහක්කාර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ජනධිපතිවරයා මෙම පත්කිරීම සිදුකරනු ලැබූ අතර රෙජිනෝල්ඩ් කුරේ මහතා බස්නාහිර පළාතේ හිටපු මහ ඇමැතිවරයෙක් මෙන්ම කැබිනට් ඇමැතිවරයෙකු ලෙසද කටයුතු කර ඇත.
උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා දෙමළ භාෂාවද කතාකිරීමට හැකි හෙයින් ජනතාවගේ සහයෝගය හා සහජීවනය වර්ධනය වනු ඇති බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ අදහස වී ඇත.