කොළඹ රෙක්ලමේෂන් පාර, චයින වීදිය, කෙලින් වීදිය ආශ්රිතව එක් පැත්තකට පමණක් වාහන ධාවනය වන රථ වාහන සැලැස්මක් හෙට (05දා) සිට ක්රියාත්මක වන බව පොලිස් මූලස්ථානය කියයි.
ඒ අනුව කාන් ඔරලෝසු කණුවේ සිට කොච්චිකඩේ දෙසට රෙක්ලමේෂන් පාර ඔස්සේ එක් පැත්තකට පමණක් වාහන ගමනා ගමනය සිදුවන බවත් කොච්චිකඩේ, කොටහේන මෝදර දෙසින් පැමිණෙන වාහන චයින වීදිය, කෙලින් වීදිය ඔස්සේ කාන් ඔරලෝසු කණුව දෙසට එක් පැත්තකට පමණක් රථ වාහන ධාවනය සිදුවන බවත් පොලිස් මූලස්ථානය කියයි.