කොළඹ විශාකා පාරේ පිහිටි පුද්ගලික සායනයකින් රූපලාවණ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි වෛද්‍යවරියකට යම් ප්‍රතිජීවක ඖෂධ එන්නතක් ලබාදීමෙන් පසු අද (12දා) සවස මියගොස් තිබේ.
මෙම පුද්ගලික සායනය පවත්වාගෙන වෛද්‍යවරයා ශ්‍රී ලංකාවේ එම්.එම්.බී.එස්. උපාධිය ලබාගෙන ඉන් පසුව ඇමෙරිකාවේදී විශේෂඥ පුහුණුව ලබාගෙන ඇති බවත් සිය සායනයේදී සමේ පැහැපත්බව ඇතිකිරීම, මේදය ඉවත් කිරීම, රූපලාවණ්‍ය සත්කාර පවත්වාගෙන යාම ආදී ප්‍රතිකාර කළ බවට දැනට අනාවරණය වී ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.