රුහුණු හා ඌව ආර්ථිකය නංවීම ලොකු වැඩක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
බදුල්ල වීල්ස් පාක් ක්‍රීඩාංගණයේදී ඊයේ (25දා) පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“රැකියා බිහි කරන්න අපිට කර්මාන්ත ශාලා ඕන. හෝටල් ඕන. තව වෙළඳ ව්‍යාපාර ඕන. හොඳ රැකියා බිහිකරන්න අපිට ආයෝජන ඕන. විදේශ ආයෝජන ලබාගන්න ඕන.
ලාංකිකයාගේ ආයෝජන ඕන. අන්න ඒක කරන්නයි අවුරුදු දෙකක් ගියේ. අවුරුදු 30ක මහවැලිය අවුරුදු 8න් හැදුවා. ඒ කරපු එක්සත් ජාතික පක්ෂයට රුහුණ, ඌව ආර්ථිකය හදන එකත් ලොකු වැඩක් නෙමෙයි කියලා කියන්න කැමතියි.”