රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් උමං දුම්රිය මාර්ගයක සිදුවූ පිපිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු මැද පෙරදිගින් පැමිණි අයෙකු බවට රුසියාව තහවුරු කරගෙන තිබේ.
රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රධාන සැකකරු අවුරුද 20ක් පමණ වයසැති පුද්ගලයෙකු බවයි. එසේම ඔහු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙකු විය හැකි බවටද මතයක් ප්‍රකාශ වී තිබේ.
පීටර්ස්බර්ග් උමං දුම්රිය මාර්ගයේ සිදුවූ පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 11ක් දක්වා වැඩි වී තිබේ. සිද්ධියෙන් මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කිරීමට ශාන්ත පීටර්ස්බර්ග් නුවර පාලනාධිකාරිය තීරණය කර තිබේ.
සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන රුසියානු ආරක්ෂක අංශ මෙම ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැක කරයි. සිද්ධිය පිළිබඳව ලෝක නායකයන් රුසියාවට සිය කනගාටුව ප්‍රකාශ කර ඇති අතර ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්ද ඒ අතර වෙති.