ඇමෙරිකානු ජනාධිපතිවරණය සමයේ සිදුවූ ඊමේල් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවීමේ ක්‍රියා නවතා දමන ලෙස තමා රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් හමුවූ අවස්ථාවේ පැවසූ බව ඔබාමා කියයි.
මෙම හැකර් ප්‍රහාර ගැන පූටින් නොදැන සිටීමේ හැකියාවක් නොමැති බැවින් තමා රුසියානු නායකයාට එය සෘජුව ප්‍රකාශ කළ බවද ඔබාමා කියයි.
එමෙන්ම, පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති ජී20 සමුළුවේදී තමා රුසියානු ජනාධිපතිවරයාට අනතුරු අඟවා සිටි බවද ඔබාමා කියයි.
කෙසේ වෙතත්, ඉන් මාසයකට පසුව ඇමෙරිකානු ජනාධිපතිවරණ සමයේදී රුසියානු හැකර් ප්‍රහාර සිදුවූ බවට ඇමෙරිකාව චෝදනා කළේය. විශේෂයෙන්ම ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් හා එම පක්ෂය මෙහිදී ප්‍රධාන වශයෙන් ඉලක්ක වූ බවද ඔබාමා පවසයි.
මේ තත්ත්වය තුළ රුසියාව සයිබර් අවකාශයේදී යමක් ඇමෙරිකාව වෙත සිදුකළාද, ඒ ආකාරයෙන්ම රුසියාව වෙත ප්‍රතිචාර දැක්වීමේ ශක්තිය ඇමෙරිකාව සතු බවද පවසමින් රුසියාවෙන් පළිගැනීමක් හා එකට එක කිරීමක් ගැන ඔබාමා මෙහිදී අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය ධුර කාලයේ පවත්වන අවසන් මාධ්‍ය හමුවේදී මෙම අදහස් දක්වා තිබේ.