නැගෙනහිර රුසියාවේ රික්ටර් පරිමාණ 7ක ප්‍රබල භූ කම්පනයක් ඇති වූ බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
අද (30දා) පෙට්රොපොවුලොවුස්ක්-කම්චට්ස්කි ප්‍රදේශයට කිලෝ මීටර් 109 ක් උතුරින්, කිලෝමීටර් 153ක් පොළෝ අභ්‍යන්තරයේ මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටි බවද එම ආයතනය පවසයි.
කෙසේ වෙතත්, මෙම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානියක් හෝ දේපොළ හානියක් පිළිබඳව මෙතෙක් වාර්තා නොවෙයි.
එමෙන්ම, භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක්ද සිදුකර නොමැත.