රුසියාව කිසිවෙකු සමගවත් ගැටුමක් ඇති කරගැනීමට උත්සාහ නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් පවසයි.
රුසියානු පාර්ලිමේන්තුවේදී පූටින් විසින් වාර්ෂිකව එරට ජනතාවද අමතමින් සිදුකරන කතාවේදී ඔහු මෙම අදහස් පළකර තිබේ.
"රුසියාව සතුරෙකු ලෙස දකින ඇතැම් විදේශීය පාර්ශ්ව වගේ නොවෙයි, අපි කිසිදා සතුරන් ඇති කරගැනීමට බලාපොරොත්තු වන්නේ නෑ. ඒ වගේම බලාපොරොත්තු වුණෙත් නෑ."
"නමුත්, අපේ අයිතිවාසිකම්වලට හානියක් කිරීමට කිසිවෙකුට අවස්ථාවක් ලබාදෙන්නෙත් නෑ" යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම, ත්රස්තවාදයට එරෙහිව නව ඇමෙරිකානු පරිපාලනය සමග එක්ව කටයුතු කිරීමට රුසියාව සූදානම් බවද හෙතෙම මෙම කතාවේදී පවසා සිටියේය.
ඇමෙරිකානු නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්රම්ප් තෙරීපත් වූ අවස්ථාවේදීද පූටින් කියා සිටියේ තමන් ඇමෙරිකාව සමග යහපත් සබඳතාවක් ඇති කරගැනීමට සූදානම් බවයි.