රුසියාවේ ශාන්ත පිටර්ස්බර්ග් නුවර උමං දුම්රිය මාර්ගයට එල්ල වූ ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දැක තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහේෂිනී කොලොන්නේ මහත්මිය සිය ට්විටර් ගිණුම හරහා පවසන්නේ සිද්ධියෙන් විපතට පත්වූවන් පිළිබඳව ශෝකය ප්‍රකාශ කරන බවයි. පීටර්ස්බර්ග් නුවර උමං දුම්රිය මාර්ගයේ ඇතිවූ පිපිරීමකින් 11 දෙනෙකු මිය ගියේය.