කොස්ගොඩ - ඉඳුරුව, හබක්කල මුහුදු තීරයේ ඊයේ (8දා) පස්වරුවේ දියනාමින් සිටි රුසියානු ජාතිකයෙකු දියේ ගිලී මියගොස් තිබේ.
ඇලෙක්සැන්ඩර් නමැති විසිඅට හැවිරිදි තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම රුසියානු ජාතික තරුණයා මෙරටට පැමිණ ඉඳුරුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිට ඇති අතර ඊයේ පස්වරු 5.00 ට පමණ මුහුදේ දියනාමින් සිටියදී මෙසේ දියේ ගිලීමට ලක්ව තිබේ.
කොස්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්