රුසියානු යුවළක් යතුරු පැදියකින් මාතර අධිවේගය විවෘත කරයි
මාර්තු මසදී විවෘත කිරීමට නියමිත දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර- පින්නදූව කොටසට අනවසරයෙන් යතුරු පැදියකින් ඇතුළුවූ රුසියානු ජාතික අඹු-සැමි යුවළක් අධීවේගී රථ වාහන පොලිස් නිලධාරීන් විසින් අද (13දා) අත්අඩංගුවට ගැනිණි.
පින්නදූව ප්රවේශ දොරටුවේ යොදා ඇති මාර්ග බාධක ඉවත් කරමින් මෙම යුවළ කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
අත්අඩංගුවට ගත් යුවළ යතුරු පැදියද සමග අක්මීමන පොලිස් ස්ථානයට භාරදීමට රථ වාහන පොලීසිය කටයුතු කෙරිණි. අක්මීමන පොලීසිය අදාළ යුවළ ගාල්ල අතිරේක මහේස්ත්රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරිණි.
විදේශ යුවළට යතුරු පැදිය සැපයූ අයිතිකරුද ගාල්ල අතිරේක මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුටද විදේශ යුවළ සමග එළඹෙන 17වැනිදා අධිකරණයේ පෙනීසිටින ලෙස නියෝග කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

