පුද්ගලයන් 224 දෙනෙකු සමග ඊජිප්තුවේදී සිදුවූ රුසියානු ගුවන් අනතුරට බාහිර සාධකයක් බලපා ඇති බව එම මෙට්රොජෙට් ගුවන් සේවය අවධාරණය කරයි.
ඔවුන් පවසන්නේ මෙම අනතුර සඳහා යානයේ කාර්මික දෝෂයක් හෝ ගුවන් නියමුවාගේ ක්රියාවක් හේතු වී නොමැති බව අනාවරණය වන බවයි.
ඒ අනුව, යානයේ අනතුරට ඇති එකම හේතුව බාහිර සාධකයක් බව එම ගුවන් සේවයේ බලධාරීහු අවධාරණය කරති.
කෙසේ වෙතත්, යානයේ කළු පෙට්ටි යොදාගෙන ගුවන් යානා විශේෂඥයන් විසින් සිදුකරන පරීක්ෂණවල අවසන් ප්රතිඵලය මෙතෙක් නිකුත් වී නොමැත.
යානය කඩා වැටීමෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් ඉස්ලාම් රාජ්ය අන්තවාදීන් එහි වගකීම භාරගත්තද, ඊජිප්තු හා රුසියානු බලධාරීන් එය ප්රතික්ෂේප කළේය.
පසුගිය සෙනසුරාදා ගුවන් ගතවී විනාඩි කිහිපයකට පසුව එයාර්බස් 321 යානය ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයට කඩා වැටුණේ රුසියාව බලා ගමන් කරමින් සිටියදීය.