රුවන්වැලි සෑ රඳුන් හා ජය ශ්රී මහා බෝධිය යා කරන මාර්ගයේ විදුලි බල පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්රිය වී තිබේ. මේ හේතුවෙන් රාත්රී කාලයේදී එම මාර්ගය භාවිත කරමින් රුවන්වැලි මහා සෑය හා ශ්රී මහා බෝධිය වන්දනා කිරීමට පැමිණෙන ජනතාව අපහසුතාවට පත්ව තිබේ.
මාර්ගයේ නඩත්තු කටයුතුද මේ දින වල සිදුවෙයි. අලුත් අවුරුදු සමයේදී ආගමික වතාවත් සඳහා ජනතාව බොහෝ සෙයින් අනුරාධපුරයට පැමිණ තිබේ. විදෙස් සංචාරකයෝද ඒ අතර වෙති.