රුවන්ඩාවේ ආරක්ෂක සාමාජිකයන්ට මෙරටදී පුහුණූ ඉඩ ප්රස්ථා වැඩි වශයෙන් ලබාදීමට නියමිතය.
රුවන්ඩාවේ විශේෂ සංචාරයක නිරත ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ රුවන්ඩාවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ජෙනරාල් ජේම්ස් කබරේබේ මහතා සමග ඊයේ (16දා) රුවන්ඩාවේ කිගාලි අගනුවරදී අත්සන් කෙරුණු ගිවිසුම හරහා රුවන්ඩාවට මෙම අවස්ථාව උදාවී ඇත.
නව ආරක්ෂක සහයෝගීතා ගිවිසුම අත්සන් කරමින් අදහස් දැක් ව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේ වර්තමානය වනවිට අප්‍රිකානු සංගමයේ ප්‍රබල රටක් වන රුවන්ඩාව සමඟ මෙවැනි ගිවිසුමකට එළඹීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බවයි. මේ වනවිට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් හා බටලන්ද අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් රුවන්ඩා ආරක්ෂක නිලධාරින් 35ක පමණ පිරිසක් අධ්‍යාපන හා පුහුණු අවස්ථා ලබා ගෙන ඇති බවද හෙතෙම පවසා සිටියේය.
එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන්ට වැඩි වශයෙන් අවස්ථා ලබා ගැනීමට රුවන්ඩාවේ සහායෝගීතාව අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.
ඉන් අනතුරුව අදහස් දැක් වූ රුවන්ඩා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් ජේම්ස් කබරේබේ මහතා පවසා සටියේ ඒ සඳහා රුවන්ඩාවේ සහයෝගීතාව ඉදිරියේදී ලබා දෙන බවයි.