රුමේනියාවේ රාත්රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් විරෝධය පා පැවති 20,000කට අධික ජනතා උද්ඝෝෂණය හමුවේ එරට අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
පසුගිය සිකුරාදා බුචාරස්ට් නගරයේ රාත්රී සමාජශාලාවක සංගීත ප්රසංගයක් සමග පැවති ගිනිකෙළි සංදර්ශනයක් අතරතුර මෙම ගින්න ඇති වී තිබේ.
රුමේනියානු රජයේ දූෂණ හා දුර්වල ආරක්ෂිත ක්රමවේද හමුවේ අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට මෙම විරෝධතාව පැවැත්විණි.
ඒ අනුව, වික්ටර් පොන්ටා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර, ඔහු රජයේ රූපවාහිනිය අමතමින් පවසා ඇත්තේ තමාගේත්, තම රජයේත් ඉල්ලා අස්වීම වීදිබට ජනතාවට අස්වැසිල්ලක් වනු ඇති බවයි.