ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට සහ පෞද්ගලික විදුලිය නිපදවන්නන් සඳහා රුපියල් මිලියන 22,644 ක හිඟ මුදලක් ගෙවීමට ඇතැයි විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යාපාර හා මෙහෙයුම් ක්ර‘මෝපාය) සෙනජිත් දසනායක මහතා පැවසීය.
දසනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය වසර අවසාන භාගයේ සිට මෙම වසරේ ජූනි මාසය දක්වාම පැවති වියළි කාලගුණ තත්ත්වය යටතේ විදුලිය සැපයුම අඛණ්ඩව පවත්වාගැනීම සඳහාත්, වඩාත් වැඩි තාප විදුලිබල ප්‍රමාණයක් ජනනය කිරීමටත් පෞද්ගලික අංශයෙන් තාප විදුලිය මිලදී ගැනීමටත් ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවූ බවයි.
මේ නිසා ඉන්ධන වලටත්, පෞද්ගලික විදුලිබලාගාරවලින් විදුලිබලය ලබාගැනීමටත් වැඩි පිරිවැයක් දැරීමට සිදුවූ බව ඔහු කියා සිටියේය.
කරුණු කෙසේ වුවද මේ වනවිට ජල විදුලිබලාගාර ආශ්රිත ජලාශවල තත්ත්වය වඩාත් යහපත් අතට හැරෙමින් පවතින නිසාත්, ගල්අඟුරු විදුලි බලාගාරයෙන්ද උපරිම වශයෙන් විදුලි ජනනය කිරීම සිදුවන නිසාත් ඉදිරි මාස කිහිපය තුළදී ඉහත හිඟ මුදල් ගෙවා දැමීමට හැකිවෙතැයි විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරන බවද හෙතෙම ප්‍රකාශ කර සිටියේය.