රැකියා විරහිත උපාධිධාරීන්ට එල්ල කළ ප්රහාරයට විරෝධය දක්වමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගයම දිවයිනේ දිස්ත්රික්ක කිහිපයක විරෝධතා පැවැත්විමට තීරණය කර තිබේ.
රජයේ පුරප්පාඩු 32000 ක් තිබිය දී පෞද්ගලික අංශයට උපාධිධාරීන් යෙදවිමට විරෝධයක දක්වන බවත්, පොරොන්දු වූ රැකියා වහා ලබාදෙන ලෙස ඉල්ලමිනුත් මෙම විරෝධතා පැවැත්වේ.
හෙට (21දා) මෙම විරෝධතා පැවැත්වෙන අතර නුවර - ටොරින්ටන් චතුරස්රය ඉදිරිපිට, කුරුණෑගල - ඔරලෝසු කණුව ඉදිරිපිට, කෑගල්ල - නිදහස් මාවත, මාතර - බස්නැවතුම්පළ ඉදිරිපිට. ගාල්ල - දුම්රියපළ ඉදිරිපිට, මඩකලපුව - ගාන්ධි පාලම අසල, යාපනය නගරය, අක්කරේපත්තු නගරය හා කලුතර උසාවිය ඉදිරිපිටදි මෙම විරෝධතා පැවැත්විමට නියමිතය.