ෙරජයේ රැකියාවක් ලබාදීම සඳහා ගම්බද කාන්තාවකගෙන් රුපියල් 50,000ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතාට වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඔහුට රුපියල් 10,000ක දඩයක්ද නියම කළේය.
රජයේ කනිෂ්ඨ රැකියාවල නිරත සේවකයන් අල්ලස් දැලට කොටු කරගත්තද දේශපාලනඥයන් ඉන් බේරී යන බවට රටේ මතයක් හටගෙන ඇති බැවින් සමාජයෙන් එම මතය මෙන්ම අල්ලසද ඈත් කර තැබිය හැකි ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමසමේ සහකාර අධ්යක්ෂ රුවනි වික්‍රමසිංහ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවයා අදාළ දඬුවම් නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරු මීට වසර 10කට ඉහතදී ලබාගත් අල්ලසක් සම්බන්ධයෙන් මෙලෙස දඬුවම් නියම කළේය.
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතාටය.
2007 නෙවැම්බර් මස පළමුවැනිදාත් දෙසැම්බර් 26 වැනිදාත් අතර කාලයේ අම්පාරේදී විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බව බවසා ජී. පුංචිනෝනා නමැත්තියගෙන් රපියල් 50,000ක අල්ලසක් ඉල්ලා ලබාගැනීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.