වියළි කාලගුණයෙන් විපතට පත් ජනතාවට ලබාදීමට සැලසුම් කර තිබෙන රුපියල් 5000 වියළි සහනාධාරය, මුදල් වශයෙන් එක් වාරිකයක් ලෙස ලබාදෙන ලෙසට කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් අද ඉල්ලා සිටි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.
රුපියල් 5000 වියළි සහනාධාරය රුපියල් 2500 කොටස් ලෙස ලබාදීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම ක්‍රමය හරහා වංචා, දූෂණ සිදුවී විපතට පත් ජනතාවට අසාධාරණයක් විය හැකි බවද එම සංගමයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.
මේ නිසා වියළි සහනාධාර ලබානොදී අදාළ රුපියල් 5000 මුදල් වශයෙන් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවද ජාතික සංවිධායකවරයා පවසා සිටියේය.