රියදුරු බලපත් ලබාගැනීමේ වයස් සීමාව අවුරුදු 18 සිට 25 දක්වා ඉහළ දැමීමේ කිසිදු සැලැස්මක් නොමැති බවත්, එසේ කරන බවට ගෙන යන ප්‍රචාරය අසත්‍ය බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා 'අද' ට පැවසීය. ඒ අනුව රියදුරු බලපත් ලබාගැනීමේ වයස් සීමාව වයස අවුරුදු 18 ලෙසම පවතියි.
එසේම විවෘත ලියවිලි මත ළඟ තබාගෙන ඇති වාහන, දඩමුදල් නොගෙවා මාරු කිරීමේ කාලසීමාව දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන බැවින් හැකි ඉක්මනින් එම කටයුතු සිදුකරගන්නා ලෙසද කොමසාරිස්වරයා පැවසීය.
තවද එළැඹෙන ජනවාරි මස පළමු වැනිදා සිට රියදුරු බලපත් ගාස්තුව ඉහළ යන බවට රියදුරු පුහුණු පාසල් මගින් අසත්‍ය ප්‍රචාර යවමින් ඔවුන්ගේ අයකිරීම් වැඩිකරන බවත්, කිසිදු ආකාරයකින් රියදුරු බලපත් ලබාගැනීමේ ගාස්තුව ඉහළ දැමීමේ අදහසක් නොමැති බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.