රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකුට මරණය සිදු කිරීම හා තවත් පුද්ගලයකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස් ස්ථානයේ කැබ් රථයේ රියදුරු මෙන්ම එම සිදුවීම වාර්තා නොකර අසත්‍ය සටහන් යෙදීම සම්බන්ධයෙන් එම කැබ් රථයේ ගමන් කළ පොලිස් සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.
ඉංගිරිය පොලිස් ස්ථානයේ කැබ් රථයේ යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරින් වයස අවුරුදු 24 ක්වූ තරුණයෙකු හා තවත් වයස අවුරුදු 22 ක් වූ තරුණයෙකු තුවාල ලැබීය.