බදුල්ල - කොළඹ මාර්ගයේ උඩවෙල ප්‍ර දේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් යුද හමුදා මේජර්වරයෙකු හා සාමාන්‍ය සෙබළෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඊයේ (18දා) මෙම අනතුරව සිදුව තිබෙන අතර ජීප් රථයක් හා ත්‍රිරෝද රථයක් හා මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් වයස අවුරුදු 05 ක දැරියක් මියගොස් තිබේ. අනතුරට පත්වූ ජීප් රථය 6 වන ගජබා රෙජිමේන්තුව නාමල් අඩි යුදහමුදා කඳවුරට අයත් බවත් මේජර් එස්.ඒ. සමන්ත හා සාමාන්‍ය සෙබල ආර්. ඒ. ජානක උපුල් යන අය අත්අඩංගුවට පත්ව තිබේ.
ඔවුහු තුවාල ලබා බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.