රිය අනතුරකට චෝදනා 46 යටතේ නඩු
රථවාහන අනතුරක් සිදුකර මගින් 21 කට තුවාල සිදුකර පලාගිය රියදුරෙකුට එරෙහිව තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේදී චෝදනා 46 යටතේ නඩු පැවරීමට තඹුත්තේගම පොලීසියේ රථවාහන අංශය මගින් කටයුතු කර තිබේ.
පසුගිය වසරේ ජූලිමස 02 දින තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේදී රූපවාහිනී නාලිකාවක් මගින් සංගීත සංදර්ශනයක් පැවැත්වූ අතර එම සංගීත සංදර්ශනය නැරඹිමට හුරිගස්වැව ප්‍රදේශයේ සිට ලොරි රථයක මගීන් 21 රැගෙන යෑමේදී සිදු වූ රිය අනතුරක් මෙයට හේතු වී තිබේ..
ලොරි රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මගින් සමග ලොරිය මාර්ගයෙන් ඉවතට විසිවී ගසක වැදි අනතුර සිදුවු අතර එහි රියදුරා අනතුර සිදුවිමෙන් පසු තුවාලකරුවන් එම ස්ථානයේම දමා පලාගොස් තිබිණි.
තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් පසුව එහිදී දසදෙනෙකු බරපතළ තුවාල ලබා තිබුණු අතර, එකළොස් දෙනෙකු සුළු තුවාල ලැබූවන් බව හෙළිවිය.
මේ අනුව සැකකාර රියදුරුට එරෙහිව චෝදනා 46 යටතේ නඩුවක් ගොනුකිරීම පසුගියදා සිදුවිය. මෙම චෝදනා 46 ට අපරීක්ෂාකාරීව රිය පැදවිම, අනතුරක් වළක්වා නොගැනීම, වැඩිපුර මගින් රැගෙන යාම, අනතුරක් සිදුකර බරපතළ හා සුළු තුවාල සිදුකිරීම, තුවාලකරුවන් රෝහලට රැගෙන නොයාම ඇතුළු චෝදනාවලින් සමන්විතව ඇත.
මෙම චෝදනා 46 භාෂා පරිවර්ථක විසින් මහේස්ත්‍රාත් අධිකරණයේදී සැකකාර රියදුරුට කියාදුන් අතර, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් එම චෝදනාවන්ට සැකකරු නිවැරදිකරු බව පැවසීම නිසා තුවාල ලබා සිටි පුද්ගලයන්ට ඊළඟ නඩුවාරයට පැමිණීමට සිතාසි නිකුත් කළේය.
තඹුත්තේගම - නන්දන කුමාර
තඹුත්තේගම - නන්දන කුමාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

