රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ සිදුවීමට අදාළව සැකපිට අත්අඩංගුවට පත්ව වසරක කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද (05දා) ඇප ලබා පිටත්ව ගියේය.
පසුගිය 02 වැනිදා මහාධිකරණයෙන් ඇප ලබාදීමට අදාළ නියෝගය නිකුත් කරන ලද අතර, ඒ අනුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා හමුවීමෙන් අනතුරුව ඇප ලබාදී මුදා හරින ලදී.
මේ අනුව රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප තුනක් නියම වූ අතර, සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටිය යුතු බවටද ඔහුට නියෝග කෙරිණි.
ඊට අමතරව අනුර සේනානයක මහතාට විදෙස් ගමන් තහනමක් පැනවූ අතර, ඒ අනුව ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තබා ගැනීමටද නියෝග කෙරිණි.