හෝමාගම අධිකරණය ඉදිරිපිටදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෝමාගම පොලීසියට බාරවීමෙන් පසුව හෝමාගම අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන හිමිවරු අද (16දා) හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
රාවණා බලය සංවිධානයේ කැඳවුම්කාර ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි ඇතුළු හිමිවුන් සිවුදෙනෙකු ඊයේ (15දා) රක්ෂිත බන්ධනාගාර ගත කරලු ලැබූහ.