අධිකරණ නියෝග මත බන්ධනාගාර ගත වන ප්‍රභූවරුන් සමග සබඳතා පවත්වන බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබෙයි.
බන්ධනාගාර ගතවන ප්‍රභූවරුන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම පිළිබඳව සැකයක් මතුවන බවත්, ඒ පිළිබඳව තමන් වාර්තාවක් ලැබී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ (03දා) ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකදී පැවැසීය.
"බන්ධනාගාර රෝහලේ සිටින එක් වෛද්‍යවරයෙක් අධිකරණ නියෝග මත බන්ධනාගාර ගතවන ප්‍රභූන් සමග සබඳතා පවත්වනවා. එම ප්‍රභූවරුන් බන්ධනාගාර රෝහල්වලට ඇතුළත් කිරීමට පියවර ගන්නවා"