අම්බලන්තොට රිදීයගම සෆාරි උද්‍යානයේ දොරටුවක් කඩදමා උද්‍යානය තුළට පිවිස සිටින වනඅලියෙකු ඇල්ලීමේ විශේෂ මෙහෙයුමක් වනජීවී නිලධාරීන් විසින් මේ වන විට ආරම්භ කර තිබේ.
මෙම වනඅලියා අද (24දා) පෙරවරුවේ රිදීයගම සෆාරි උද්‍යානය තුළට පිවිස ඇති අතර, එහි සිටින වනඅලින්ටද පහර දීමට තැත්කරන බව වනජීවී නිලධාරීහු පැවසූහ.
එමෙන්ම අනෙකුත් සතුන් කොටුකර සිටින ප්‍රදේශ තුළටද මෙම වනඅලියා ඇතුළු වීමට උත්සාහ කර තිබෙන බවද එම නිලධාරීහු පවසා සිටිති.
මේ සම්බන්ධයෙන් සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම්දීමකට අනුව උඩවලව මවුආර, හම්බන්තොට වනජීවී කාර්යාලයේ හා උඩවලව ඇත්අතුරු සෙවණේ පශුවෛද්‍ය කණ්ඩායමක් එක්ව වන අලියා ඇල්ලීමේ මෙහෙයුම දියත් කර තිබේ.