අම්බලන්තොට, රිදීයගම සෆාරි උද්‍යානයේ දොරටුවක් කඩාදමා වනෝද්‍යානයට ඇතුළු වී තිබූ වනඅලියා අද (25දා) සිදු කරන ලද මෙහෙයුමකින් අනතුරුව අල්ලා ගත් බව වනජීවී නිලධාරීහු පවසති.
සෆාරි උද්‍යානය තුළට වනඅලියෙකු පැමිණ ඇති බවට සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම් දීමකට අනුව උඩවලව මවුආර, ලුණුගම්වෙහෙර, හම්බන්තොට යන වනජීවී කාර්යාලවල හා උඩවලව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍ය කණ්ඩායමක් එක්ව වනඅලියා අල්ලා ගැනීමේ මෙහෙයුමක් ඊයේ (24දා) දියත් කරන ලදී.
සෆාරි උද්‍යානයේ සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශයක් තුළට පිවිස තිබූ මෙම වනඅලියා දින එකහමාරක පමණ මෙහෙයුමකින් පසුව අල්ලා ගැනීමට හැකිවූ අතර, පසුව අල්ලා ගත් වනඅලියා රක්ෂිත ප්‍රදේශයක් වෙත මුදාහැරීමට රැගෙන යන ලදී.