බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩිජිටල් විකිරණ ඡායාරූප යන්ත්‍ර දෙක අක්‍රිය වී මාස ගණනාවක් ගත වී ඇතත් මෙතෙක් එය යථාතත්ත්වයට පත් කර නැතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
සමස්ත රෝහලටම තිබෙන්නේ විකිරණ ඡායාරූප යන්ත්‍ර 03ක් පමණක් බවත්, ඉන් එක් යන්ත්‍රයක් ඉතා පැරණි එකක් බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේය.
ඩිජිටල් යන්ත්‍ර මගින් දිනකට විකිරණ පටල 350ක් නිකුත් කළ බවත්, එහෙත් පැරණි යන්ත්‍රය තුළින් නිකුත් කිරීමට හැකියාව තිබෙන්නේ ඉතාමත් සීමිත පිටපත් ප්‍රමාණයක් නිසා රෝගී දරුවන්ගේ සහ විද්‍යා තාක්ෂණවේදීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවද ඒ මහතා පවසා සිටියේය.