රාත්‍රී කාලයේ වැලි ප්‍රවාහනය කරන සියලුම ලොරි රථවල ජනවාරි පළමු වැනිදා සිට ජී.පී.එස්. උපකරණ (GPS Tracking System) සවිකළ යුතු බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
ජනවාරි මාසයේ අවසාන සතියේ සිට මේ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරන බවත්, අදාළ උපකරණ සවිකරගතයුතු බවට වැලි ප්‍රවාහන රථ හිමියන් දැනුවත් කර තිබෙන බවත් එම කාර්යාංශයේ සභාපති කිත්සිරි දිසානායක මහතා සඳහන් කළේය.
ජී.පී.එස්. උපකරණ සවි කිරීමට අපහසුතා ඇති රථ හිමියන්ට ඒ සඳහා පහසුකම් සැපයීමක් වශයෙන් ජී.පී.එස්. පැකේජයක් හඳුන්වාදීමට කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.
වැලි ප්‍රවාහන ලොරි රථවල සවිකරන සියලුම උපකරණ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ මෙහෙයුම් කාර්යාලයේ පවතින පද්ධතියට අනුගත ඒවා වියයුතු බවද සභාපතිවරයා සඳහන් කළේය.
ජී.පී.එස්. උපකරණ සවිකරන වැලි ප්‍රවාහන රථවලට පමණක් ජනවාරි පළමු වැනිදා සිට බලපත්‍ර නිකුත් කරන ලෙසට ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා ඔක්තොබර් 23 වැනිදා විශේෂ උපදෙස් පත්රිකාවක්ද නිකුත් කර තිබේ.