රට තුළ තහවුරු වී ඇති නිදහස හා ප්රජාතන්ත්රවාදය තුළ රැස්වීම් පැවැත්වීමට සහ පෙළපාලි යාමට ඕනෑම අයෙකුට නිදහස තිඛෙන බවත්, ඒවා මෙහෙයවන නායකයින් සුදු වෑන් යවා අතුරුදහන් කරවීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
කුමන විදිහේ සටන් පාඨ ඉදිරිපත් කළ ද ඉදිරි වසර 05 අවසන් වන තුරු ආණ්ඩුව වෙනස් කිරීමට කිසිවෙකුට නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා පරාජයට පත් වූ දේශපාලන බලවේග තවදුරටත් පරාජයට පත්ව දේශපාලන ව්‍යාපාරය තුළින් ඉවත්ව යන අන්දමට ඉදිරි වසර 05 තුළ මේ රටට අවශ්‍ය සමාජයීය, ආර්ථීක පරිවර්තන සිදු කිරීමට කැපවන බව ද ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (19) පෙරවරුවේ අම්පාර, පලමුණෙයි ක්‍රීඩා සංකීර්ණයේ පැවති මුස්ලිම් කොංග්‍රසයේ 19 වැනි ජාතික සම්මේලනයට එක් වෙමිනි.
පැවති පාලනය වෙනස් කිරීමට මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් බහුතරයක් ජනතාවට තිබූ අවශ්‍යතාවය වෙනුවෙන් 2015 ජනවාරි 08 වන දා ගලන ගඟක් මෙන් මේ රටේ ජනතාව තමා වටා ඒකරාශී වූ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා, අලූත් ආණ්ඩුවක්, අලූත් වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට ගලා යන එම ජන ගඟ ආපසු හැරවීමට කිසිවෙකුට නොහැකි බව ද කියා සිටියේය.
අලූත් ආණ්ඩුවක් හදන්න, ආණ්ඩුව භාර දෙන්නැයි අද ඇතැමුන් පපුවට ගසා ගනිමින් වේදිකාවල කෑ ගැසුවත් ඒ අයගේ ක්‍රියාකලාපය පිලිබඳ මේ රටේ ජනතාවට හොඳ අවබෝධයක් ඇති බව පැවසූ ජනාධිපතිතුමා, පැවති ආණ්ඩුවෙන් එළියට බැස අලූත් ආණ්ඩුවක් හැදුවේ ඔවුන් පපුවට ගසා ගන්නවාට බය නැති නිසා බව ද පැවසීය.
රට තුළ තිඛෙන්නේ අද ඊයේ ඇතිවූ ප්‍රශ්න නොව වසර 10, 15 ක් පුරා තිබූ ප්‍රශ්න බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරා එම සියලූ ප්‍රශ්නයන්ට කෙටි කළකින් විසඳුම් ලබාදිය නොහැකි වුවත් එම ගැටලූ එකිනෙක විසඳමින් ජනතාවට සාධාරණය ඉටු කිරීමට රජය බැඳී සිටින බව ද කියා සිටියේය.
විදුලිය ඇන හිටීම පිලිබඳ ඇතමුන් රජයට චෝදනා නැගුව ද එසේ සිදුවන්නේ එම විදුලි මධ්‍යස්ථාන වසර 10 කින් 15 කින් අලූත්වැඩියා නොකිරීම නිසා බව ඉංජිනේරුවන් විසින් පෙන්වා දී ඇතැයි ද ජනාධිපති සිරිසේන මහතා මෙහිදී සඳහන් කළේය.
රට සංවර්ධනය කරා ගෙන යාමට ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්නා විට ජාත්‍යන්තරයට යට වෙනවා යැයි ද එම රටවල් සමඟ ආර්ථීක ගිවිසුම් අත්සන් කරන විට රට පාවා දෙනවා යැයි ද රජයට චෝදනා කළත් කිසිවිටෙකත්, කිසිවෙකුටත් මේ රට යටත් කිරීමට ඉඩ නොදෙන අතරම කිසිදා මාතෘ භූමිය පාවා නොදෙන බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍යවරුන් වන සරත් ෆෝන්සේකා, දයා ගමගේ, නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් ද, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතා ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයින් ද, තානාපතිවරුන් ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.