රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලීමට රැකියා විරහිත උපාධිධාරීන් ලබන 09 වැනිදා කොළඹට කැඳවා තිබෙන බව රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.
මෙහිදී රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතා පා ගමන් දෙකකින් ගොස් වගකිව යුතු අමාත්‍යාංශ දෙකකට සංදේශ දෙකක් භාරදෙන බවද එම සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියෝ අවධාරණය කළහ.
කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වා 13 වැනිදා සිට පළාත් වශයෙන් සමුළු පවත්වන බවද පවසා සිටියහ.
මේ අනුව වයඹ පළාත් සමුළුව 13 වැනිදා කුරුණෑගලදී පවත්වන බවද උන්වහන්සේ අවධාරණය කළහ.