රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා උතුරු, නැගෙනහිර පළාත් දෙකේ ස්ථාන හතරක ක්‍රියාත්මක වන අඛණ්ඩ වැඩවර්ජනයට හෙට (11දා) දින 50ක් ගතවන බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම ක්‍රියා මාර්ගයට ප්‍රතිචාර නොමැති නිසා හෙට (11දා) ෆේස්බුක් හරහා සහ මඩකලපුව නගරය තුළ කළුකොඩි ප්‍රදර්ශනය කර විරෝධතාව දක්වන බවද එම සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේඥානානන්ද හිමියෝ අවධාරණය කළහ.
මීට අමතරව අම්පාර, ත්‍රිකුණාමලය, යාපනය නගරවල ක්‍රියාත්මක වන සත්යග්රහ ව්‍යාපාර ඉදිරියටත් පවත්වන බවද පවසා සිටියහ.