උපාධිධාරී පුරප්පාඩු 32000ක් තිබියදී රැකියා ලබා දීමට අදාළ වැඩපිළිවෙළක් සකස් නොකර විවිධ ප්රකාශ කිරීම් නවත්වා වහාම රැකියා ලබාදෙන ලෙස ඉල්ලා අඛණ්ඩ අරගලයක් දියත් කර ඇති බවත් ඉදිරි සති දෙක තුළ රැුකියා දීමට අදාළ වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකරන්නේ නම් සියලු රැුකියා විරහිත උපාධිධාරීන් කොළඹට කැදවන බවත් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැදවුම්කරු ධම්මික මුණසිංහ පවසයි.