රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් 876 දෙනෙකු මධ්‍යම රජය සහ පළාත් සභා යටතේ පවතින ආර්යුවේද රෝහල් සහ ආයුර්වේද මධ්‍යස්ථාන සඳහා බඳවාගැනීමට රජය සැලසුම් කර තිබේ.
මේ යටතේ වෛද්‍යවරුන් 744 දෙනෙකු පළාත් සභා යටතේ පවතින ආයතනවලටත්, වෛද්‍යවරුන් 132 දෙනෙකු මධ්‍යම රජය යටතේ පවතින ආයතනවලටත් බඳවාගැනීමට නියමිතය.
පළාත් සභා යටතේ පවතින ආයතනවලට බඳවාගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් සහ මධ්‍යම රජයේ ආයතන සඳහා බඳවාගැනීමට රාජ්‍ය සේවා කොමිසමෙන්ද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට අනුමැතිය ඉල්ලා තිබේ.