වර්තමාන ආණ්ඩුව බලයට පත්වී මේ වනවිට වසර දෙකක් ගතවී තිබෙන බවත්, එහෙත් ඔවුන් පොරොන්දු වූ රැකියා දසලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ මෙතෙක් ආරම්භ කිරීමට නොහැකි වී තිබෙන බවත් සමාජවාදී තරුණ සංගමය සඳහන් කරයි.
ඔවුන්ට හිමි ඉතිරි අවුරුදු 03 තුළවත් රැකියා දසලක්ෂයක් ලබාදීමට අවශ්‍ය සැලසුමවත් සකස් කර නොමැති බවද එම සංවිධානයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා සඳහන් කළේය.
මේ නිසා වර්තමාන ආණ්ඩුවේ රැකියා දසලක්ෂයේ වැඩපිළිවෙළ පුස්සක් බවට පත්වෙමින් තිබෙන බවද අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.