රැකියා දශ ලක්ෂයක් ලබා දීම ඉදිරියේදී අරඹන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (24දා) කළ ප්‍රකාශය තනිකරම ඡන්ද ගුණ්ඩුවක් බව බස්නාහිර පළාත් මහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. අද (25දා) නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පැවැසීය.
එම ප්‍රකාශය තරුණ, තරුණියන් රවටා ඔවුන්ගේ සහ ඔවුන්ගේ දෙමාපින්ගේ ඡන්ද මංකොල්ල කෑම සඳහා අරමුණු කර ගනිමින් කළ ප්‍රකාශයක් බවත් එය තනිකරම ඉදිරි මහ මැතිවරණ ඉලක්ක කර ගත්තක් බවත් ඔහු පැවසයි.
පසුගිය මහින්ද රාජපක්ෂ රජය තරම් මෙරට තරුණ, තරුණියන්ට රැකියා අවස්ථා ලබා දුන් රජයක් ඉතිහාසයේ නැතිබවත් ඔහු කියයි.