ඉන්දීය මහ මැතිවරණයේ අටවැනි අදියර අද (7දා) ආරම්භ වූ අතර, ඉන්දීය පාලක කොංග්රස් පක්ෂයේ බල කඳවුරක් ලෙස සැලකෙන අමේති ආසනයද අද ඡන්ද විමසීම් සිදුකෙරෙන ආසන 64 තුළ පවතින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
අමේති ආසනය කොංග්රස් පක්ෂයෙන් මෙවර මැතිවරණ සටන මෙහෙයවන රාහුල් ගාන්ධි නියෝජනය කරන ආසනයද වෙයි.
මේ අතර, අද පැවැත්වෙන මැතිවරණයේදී වයස අවුරුදු 97ක් වන ඉන්දියාවේ වයස්ගතම පුද්ගලයන් අතරින් කෙනෙකුද ඡන්දය ප්‍රකාශ කරන මැතිවරණයකි.
ශ්‍යාම් සරාන් නේගි නම් වූ ඔහු විශ්‍රාමික ගුරුවරයෙකු වන අතර, හිමාචාල් ප්‍රදේශ් නියෝජනය කරමින් 1951 සිට සියලුම මැතිවරණවලට ඔහු ඡන්දය ප්‍රකාශ කර ඇති බව පැවසෙයි. ඒ ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී නිදහස ලබා පැවැත්වූ ප්‍රථම මහ මැතිවරණයේ සිටය.
ලොකයේ පැවැත්වෙන දැවැන්තම ප්රජාතන්ත්රවාදී මහ මැතිවරණය වන මෙවර ඉන්දීය මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දදායකයන් මිලියන 814ක් ඡන්දය ප්‍රකාශ කරති.
කෙසේ වෙතත් මෙවර මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන එහි නායක නරේන්ද්‍ර මෝඩි මෙවර මැතිවරණයේ ඉදිරියෙන් සිටින බව මූලික සමීක්ෂණවලින් හෙලිවී තිබෙන බවද වාර්තා වෙයි.