බණ්ඩාරවෙල - රාවණා ඇල්ල අභය භූමි වන රක්ෂිතයට ගිනි තැබූ බවට සැකකරන තරුණයෝ පස්දෙනෙක් ඇල්ල පොලීසිය විසින් ඊයේ (3දා) අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ කන්දේගෙදර හා හාලිඇල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් විසින් ඇල්ල රොක් නැමති ස්ථානයෙන් තැබූ ගින්න ඇල්ල වන ජීවී රක්ෂිතයේ අක්කර 2 ක් පමණ ව්‍යාප්තව තිබූ අතර ඊයේ සවස් වන විටිත් ඇල්ල පොලිසියේ නිලධාරීන් ප්‍රදේශවාසින් හා එක්ව ගින්න මැඬපවත්වමින් තිබිණ.
ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල් .ඩී.එන් කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.