රාමසාන් උත්සවය නිමිත්තෙන් රටඉඳි මෙට්‍රික් ටොන් 15ක් එක්සත් අරාබි එමිර් රාජ්‍යය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මැතිතුමා වෙත එම රටඉඳි තොගය නිල වශයෙන් භාර දීම ඊයේ පස්වරුවේ එක්සත් ආරාබි එම්ර් රාජ්‍ය තානාපති කාර්යාලයේ දී සිදු කෙරුණි.
ලබන වසරේ දී මීට වඩා වැඩි රටඉඳි ප්‍රමාණයක් මෙරටට ලබාදීමට තමන් පියවර ගන්නා බවද මෙම අවස්ථාවට එක් වෙමින් එරට තනාපති අබ්දුල් හමීඩ් ඒ.කේ.අල් මුල්ලා මහතා පවසා තිබේ.