රාමලාන් උත්සවය මේ මස 16 දාට හෝ 17 දාට යෙදෙන බැවැන් මුස්ලිම් රාජ්ය සේවක වැටුප මේ මස 10 දාට පෙර ලබාදෙන ලෙස ශ්රී ලංකා තව්හිද් ජමාත් සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.
රාජ්ය සේවකයන්ගේ වැටුප උත්සව අවස්ථාවන්හිදී එම දිනයන්ට පෙර ලබාදීමට කටයුතු කරන හෙයින් මුස්ලිම් සේවකයන්ටද එම අවස්ථාව ලබාදෙන ලෙස එම සංවිධානය ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට යොමුකළ ලිපියක දැක්වෙයි.