රාඩා මූල්‍ය හා පරිපාලන අධ්යක්ෂ අංගොඩ රෝහලේ
රාඩා ආයතනයේ මූල්‍ය හා පරිපාලන අධ්යක්ෂ ලෙස කටයුතු කළ අචාර්ය ජයන්ත සමරසිංහ මහතා අංගොඩ මානසික රෝහලේ ප්රිතිකාර ලබාගමින් සිටින බව ඔහුගේ නීතිඥ අනිල් ද සිල්වා මහතා අද (05දා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දුන්නේය.
රාඩා ආයතනයේ සිදු වූ බව කියන වංචා හා දූෂණ සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රභල පුද්ගලයින් සිටියදී ඔවුන් අත්අඩංගුවට නොගෙන ජයන්ත සමරසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හේතුවෙන් ඇති වූ මානසික ආබාධයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර තිබෙන බවත් නීතිඥවරයා දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් ජයන්ත සමරසිංහ මහතා එළැඹෙන 12දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ජයන්ත සමරසිංහ මහතාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස අංගොඩ මානසික රෝහලේ අධ්යක්ෂවරයාට නියෝග කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
