ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකළ හබයාස් කෝපූස් නඩුව අද (11දා) නිශ්ප්රභ කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා නියෝග කළේය.
චතුර සේනාරත්න බාලවයස්කාර දැරියක පැහැරගෙන ගොස් තිබෙන බව සඳහන් කරමින් එම දැරියගේ දෙමාපියන් විසින් මෙම හබයාස් කෝපූස් නඩුව ගොනු කළ අතර ඔවන් විසින්ම එම නඩුව ඉල්ලා අස්කරගනු ලැබීය.