2015 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළෙහි නාට්‍ය අංශ 37ක් සඳහා කිසිදු නිර්මාණ ශිල්පියෙකුගේ නමක් නිර්දේශ කර නොතිබුණි.
ඒ අතර සිංහල නාට්‍ය අංශයේ හොඳම නාට්‍ය නිෂ්පාදනය සහ හොඳම රංගන ශිල්පියා, හොඳම රංගන ශිල්පිනිය, හොඳම ළමා නාට්‍ය(සීමිත) යන අංශද විය.
වේදිකා රංගාලෝකය (සිංහල), හොඳම වේදිකා පරිපාලනය (සිංහල), වේදිකා පසුතල නිර්මාණය (ඉංග්‍රීසි), වේදිකා පසුතල නිර්මාණය (දෙමළ), හොඳම රංග වින්‍යාසය (සිංහල), හොඳම සහාය නළුවා (ඉංග්‍රීසි), හොඳම සහාය නළුවා (සිංහල), හොඳම සහාය නිළිය (දෙමළ), හොඳම ළමා නළුවා (සිංහල), හොඳම ළමා නළුවා (දෙමළ), හොඳම ළමා නිළිය (දෙමළ) ආදී අංශ ගණනාවක මෙහිදී නාමයන් නිර්දේශ කර නොතිබුණි.
මෙම ළමා නාට්‍ය උලෙළේදී සීමිත හා විවෘත යන අංශ යටතේ කොටස් දෙකකට වෙන්ව සම්මාන ප්රදානය කෙරිණුද දැකගත හැකි විය.මහරගම ජාතික තරුණ සේවා රඟහලේදී පෙරේදා (06දා) රාජ්‍ය නාට්‍ය උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අමිල සංකල්ප