දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය අමාත්‍ය ධුර හා නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබන අගෝස්තු මස 17 වැනිදා මහ මැතිවරණය පවත්වා අවසන් වනතුරු බලපැවැත්වෙන බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සඳහන් කරයි.
ඒ අනුව පසුගිය ජුනි 26 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින විට එම තනතුරු දැරූ සියලු මන්ත්‍රීවරුන්ට හා මන්ත්‍රීවරියන්ට ඉදිරියටද සිය අමාත්‍යාංශවල කටයුතු කරගෙන යාමේ අවස්ථාව ලැබෙන බව ජනාධිපති ලේකම්වරයා නිවේදනය කරයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 50(ආ) වගන්තියට අනුව මෙම තිරණ ක්‍රියාත්මක වන බවද අබේකෝන් මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා වැඩිදුටත් සඳහන් කරනුයේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා සහ අමාත්‍ය මණ්ඩල ලේකම්වරුන් රාජ්‍ය ඇමතිවරුන්ට හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සිය කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා පහසුකම් සැලසිය යුතු බවයි.