රාජ්‍ය සේවකවාහන බලපත්‍රයේ බදු සහනය 50% සිට 65% දක්වා ඉහළ නංවයි!
ඇ.එ.ඩො. 25,000ට අඩු සහ ඇ.එ.ඩොලර් 30,000 ට නොවැඩි ලෙස කාණ්ඩ දෙකක්
බලපත්‍ර ලාභියාගේ නමට මුල්ම ලියාපදිංචිය අනිවාර්යයයි
පළමු කාණ්ඩයේ වාහන ඕනෑම අවස්ථාවක පැවරීමේ හැකියාව
දෙවැනි කාණ්ඩයේ වාහන වසර පහක් යනතුරු පැවරීම නොහැකියි
රාජ්‍ය සේවයේ, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතනයන්හි සේවයේ නිරත ජ්‍යෙෂ්ට විධායක මට්ටමේ පරිපාලන, කළමනාකරණ සහ වෘත්තීමය තනතුරුවල සිටින නිලධාරීන් සඳහා සහනදායී පදනමින් මෝටර් බලපත්‍ර ලබා දීමට අදාළ යෝජනාවක් මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ (19දා) ප්‍රසිද්ධියට පත් කරන ලදි. ඊට අදාළ වන තීරණය පසුගිය මැයි 02 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩලයේ ගත් බවත් අමාත්‍යාංශය පවසා සිටියි.
ඒ අනුව 2017 ජූනි 10 වැනිදා සිට බලාත්මක වන මෙම චක්‍රලේඛ විධිවිධාන යටතේ වාහන කාණ්ඩ දෙකක් නම් කර තිබීමත් විශේෂත්වයකි. එහිදී ඇ' අයත් ඇ.එ. ඩොලර් 25,000ට වැඩි එහෙත් 30,000 ට නොවැඩි වටිනාකමක් ගන්නා රථ වාහන සඳහා ලබා දී ඇති බදු සහනය 60% ක් බවත් වාර්තා සඳහන් කරයි.
මෝටර් රථ ආනයනය කිරීම සඳහා සහ දේශීයව නිෂ්පාදනය කරන ලද මෝටර් රථ මිලදී ගැනීම සඳහා මෙහිදී එම නිලධාරීන් අවස්ථාව ලබා දෙමින් ඉදිරිපත් කර ඇති මෙම චක්‍රලේඛය සංශෝධන සහිතව ඉදිරිපත් කරවූවක් බවද අමාත්‍යාංශය පවසයි. එහිදී 2016.07.14 දින නිකුත් කරන ලද වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2016 හි 3.10 iii, සහ 3.10 v යන ඡේදයන් ඉවත් කර අලුතින් ඡේද එකතු කර ඇති බව පවසන අමාත්‍යාංශය එහි සඳහන් වූ අනෙකුත් කරුණු එලෙසින්ම පවතින බවත් අවධාරණය කරයි.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 2016 වසරේ මාර්තු 26 වැනිදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලදුව ජූලි 16 වැනිදා සම්මත වුණු යෝජනාවට අනුව ඉදිරිපත් වුණු මෙම 01/2016 වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛය යටතේ ලබාදුන් වාහන බලපත්‍රයේ වටිනාකම ඇ.එ. ඩොලර් 30,000 ක් වූ අතර එහි බදු සහනය 50෴ ක් පමණක් විය. ඒ අනුව මෙය රජයේ සේවකයන් සඳහා වාහන බලපත්‍රය වෙනුවෙන් ලබා දෙන බදු සහනය ඉහළ දැමීමක් ලෙසද බොහෝ පිරිස් හඳුන්වා දෙයි.
එසේම මෙම අලුත්ම වාහන බලපත්‍ර පිරිනැමීමට අදාළ චක්‍රලේඛය 2017.06.10 සිට බලාත්මක වන අතර, එදින හෝ එදිනෙන් පසුව රේගුවෙන් නිදහස් කරනු ලබන වාහන සඳහා පමණක් මෙම චක්‍රලේඛයේ විධාන අදාළ කරගත යුතු බවද මුදල් අමාත්‍යාංශය පවසයි.
මේ අතරම මෙම සහනදායී රථ වාහන බලපත්‍රයක් යටතේ ලබා ගන්නා මෝටර් රථයක පළමු ලියාපදිංචිය බලපත්‍රය හිමි නිලධාරියා නමින් පමණක් සිදු කළ යුතු බව රජය පවසා සිටින අතර, ලියාපදිංචි කළ වාහන වෙනත් පාර්ශ්වයක් වෙත පැවරීමේදී නියමයන් කිහිපයක් අදාළ වන බවත් සඳහන් කරයි. ඒ අනුව පළමු කාණ්ඩයේ වාහනවල අයිතිය ඕනෑම අවස්ථාවකදී පැවරීමේ හැකියාව පවතින අතර, දෙවැනි කාණ්ඩයේ වාහනවල අයිතිය ප්‍රථම ලියාපදිංචි දිනයේ සිට වසර පහක් යන තුරු වෙනත් පාර්ශ්වයකට පවරා දීමේ හැකියාවක් නැත.