රාජ්‍ය සේවකයන්ට අතුරු අයවැයෙන් වැඩිකරන ලද රුපියල් පන්දහසක වැටුප් වැඩිවීම පෙබරවාරි මස වැටුපට එකතු කිරීමට රජය පියවර ගෙන තිබේ. දැනට ගෙවනු ලබන රුපියල් 3000ට තවත් රුපියල් 5000ක මුදලක් එක්කර රුපියල් 8000 ක් සේවකයන්ට ලබාදෙන අතර, ඉතිරිය ජුනි මාසයේදී ලබාදීමට නියමිතය.
අයවැයෙන් පොරොන්දු වූ පරිදිම වැටුප් වැඩිවීම ලබාදෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.