රාජ්‍ය සේවයට ඇතුළු වී මාස තුනක් තුළ ලබාදිය යුතු වැන්දඹු අනත් දරු විශ්‍රාම වැටුප් අංකය වසර ගණනාවක සිට රාජ්‍ය සේවකයන්ට ලබාදී නොමැති බවත්, මේ නිසා රාජ්‍ය සේවකයන් 40,000 ක් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවත් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
විශ්‍රාම වැටුප් අංකය නොමැතිව සේවකයා යම් ලෙසකින් මිය ගියහොත් ඔහුට හිමි කිසිදු ප්‍රතිලාභයක් සේවකයා විසින් නම් කර තිබෙන කිසිවෙකුටත් හිමි නොවන බව එම සංගමයේ කැඳවුම්කරු ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
රාජ්‍ය සේවකයා විසින් විශ්‍රාම වැටුප් අංකය ලබාදෙන ලෙසට ඉදිරිපත් කළ අයදුම්පත් 40,000 කට වැඩි ප්‍රමාණයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ගොඩගැසී තිබෙන බවත්, එයට හේතුවී තිබෙන්නේ අංක ලබාදීමේ කටයුතු සිදුකළ යුතු ප්‍රධාන බලධාරියා තම වගකීම පැහැර හැරීම නිසා බව ඒ මහතා පවසා සිටියේය.
අදාළ බලධාරියා තම වගකීම පැහැර හැරීම නිසා අසරණභාවයට පත්ව සිටින්නේ අහිංසක රාජ්‍ය සේවකයන් බවත්, මේ නිසා වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වගකීම පැහැර හැර නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන කඩිනමින් විශ්‍රාම වැටුප් අංකය ලබාදෙන ලෙසට එම සංගමය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.